Thotupola

Pana Waage

Shehan Perera

මුකුත්ම නොකියු හැමදේම දැනුණු කාලයක් තිබුනා අපි ළඟින් ඉඳපු වදන් රස ගොතලා හීන අපි මවලා ලෝකෙටම රහසේ අපි ලංවීලා පණ වාගේ උන්නු කාලේ යලි එන්නෙ නැද්ද ආයේ ඔබ පෙන්නු හීනෙ රෑ සේ අද ඊයෙ වින්දා වාගේ....// දන්නවා රත්තරන් ආදරෙයි මට ඔයා ලෝකයක් කී කතා මං නිසා ඉවසලා වචනයක් හෝ දෙකක් ආදරේ තවරලා කියයි නම් ඉන්නවා ඔබෙ ලොවේ නැවතිලා පණ වාගේ උන්නු කාලේ.... නොකියනා වචනයෙත් තේරුමක් තියෙනවා නුබ නිහඬ වූ තැනත් කාරණා පේනවා නොදැනෙයිද තාම මං නුඹේ සුවඳ විඳිනවා නැවතුනත් හුස්ම නම් බෑ යන්න ඔබ දමා මුකුත්ම නොකියු හැමදේම දැනුණු.... පණ වාගේ උන්නු කාලේ....///

Pana Waage lyrics · Shehan Perera