Hithakin
නෑසුනාට මාගේ ඉකි බිඳුම් මේ හදවතේ නුඹේ ලමැද රාවේ තාම රැව්දේ සවනතේ වැරදුණාට හැම දේ අපි නමින් ඒ තැනු ලොවේ මගේ සිහින අතරේ තව සරන්නේ නුඹ ම වේ යලි එන්න යැයි කියා නොකරමි ආයාචනා සැනසීම සොයපු තැනක ලැබුණි නම් අතකින් අත ගිලිහෙන්න ඇති මුත් එක නිමේෂයක් හිතකින් අත හැරලන්න මදිවෙයි මුළු ජීවිතයත්....// නුඹව හඳුනන්න මෙමට බැරි වෙන්න ආදරේ තිබුණා මට මාව අහිමි වෙන්න දිනෙක රැවටෙන්න වන බවක් නොදැන ජීවිතේ හැමදා පැතුවේම නුඹගෙ වෙන්න අතකින් අත ගිලිහෙන්න....// වැරදි නැහැ දන්න මගෙන් දුර යන්න පණ වගේ උන්නා නුඹ එක්ක සසරෙ එන්න කල්පයක් පමණ දවස දිගු වෙන්න මතකයේ ඉන්නා හැටි මෙහෙම කඳුළු දෙන්න අතකින් අත ගිලිහෙන්න....//
