Thotupola

Rosa Kudayaka

Yasith kalambiarachchi

නිදන් කරන් ඔබෙ මතකේ ගිලන් මගේ හිත පතුලේ පරිස්සමෙන් රැක ගන්නම් පණ වගේ විකල්ප නෑ ආදරියේ ඔබෙන් එහා ආදරයේ මුරන්ඩුකම් මට කෙරුවත් නිකරුණේ විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කෙරේ තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ රෝස කුඩයක වැස්ස දවසක පින්නේ මට රණ්ඩු කර කර යාලු වෙන්නට හීතලේ කෝටියක් මට නෑ හිටියෙ රත්තරනේ හිටියෙ ඔබයි මගෙමයි කියන්නට ජීවිතේ හිම මෙන් සැහැල්ලු ඔබ දුන් පොරොන්දු අඩු නැතිව අදටත් මතක් වෙනවා නිරතුරු මේ වැටෙන කුරිරු කඳුලැල් පොහොට්ටූ මට ප්‍රෙහෙලිකාවක් නිහඬ කරනා පිලිතුරූ විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කෙරේ තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ රෝස කුඩයක වැස්ස දවසක පින්නේ.... විශ්වාස කරපූ විස්වාසෙ බිදුනූ පහුගිය අතීතෙ කලු වලාවක් ගණදුරු දෛවය හරස්වූ ප්‍රේමයෙන් නපුරූ මට ඉතිරි කෙරුණේ පසුතැවීමක් විසකුරූ විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කෙරේ තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ රෝස කුඩයක වැස්ස දවසක පින්නේ....

Rosa Kudayaka lyrics · Yasith kalambiarachchi