Thotupola

Hadawathata Ekagawa

Dilki Uresha

පව් නොපිරේවා අකීකරු රත්තරනේ මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ හදවතට එකඟව යමක් තියෙනවා කියාගන්න මට ඔබ කෙරේ.. ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද කියා හිතාගන්න බෑ හෙට දිනේ.. පව් නොපිරේවා.... නොකිලිටි සයුරක ගැඹුරුම පතුලක මුතු අහුරක් තරම් දිදුලන ඔබෙ මතකය ලඟ අසරණ උන මට හරි වෙහෙසයි බලා පෙරමග මතුපිටින් සිනහා වෙන්නම් ඇතුලතින් තුරුලු කර තනිකම පව් නොපිරේවා.... පූජාසනයක සඟවා සුරැකිව අද මෙන් මතු අනාගතයට ඔබ වෙනුවෙන් කල පිවිතුරු සෙනෙහස තිබුණාදෙන් හිතේ නිසලව සමු අරන් යන්න එහෙනම් වාසනාවන්තියක් අසලට පව් නොපිරේවා....

Hadawathata Ekagawa lyrics · Dilki Uresha