Hadunada Ridunada
හද මඩලට සුවඳ ගෙනා නෙතු අතරට කඳුළු තියා යන එන මග හිටිය කෙනා අද නොකියම නතර වෙලා හැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුණ ගැහුනද ආලේ රෑ තුන් යම හිත අස්සට දුන්නු හීන නෑ හැබෑ වී මේ ඇස් දෙක පියාගන්න කාලෙ දැන් උදා වී අද නතරවුනු තැනම මා ඉඳී යලි ඔබ නොඑන බවද මා දනී හිත හොයන සතුට මට හිමි නැතී මතු ලබන භවයකට ඉඩ දෙමී Rap අපි ළං උනෙ ඇයි සුන්දර මලක් මට පෙම් කලෙ ඇයි ඉස්සර ළඟ ඉඳන් මාව සනසයි මට තාම මතකයි ඔයා ගාව සුවදායි සිතුවමකි ඇඳුනෙ රුව මවාගෙන හදවතෙ කෙටු නම සිහි කරගෙන රැය නොනිදන කල්පිත සයුරක ගිලුනම මිදෙන්නට බැරි හීනයක තනියම තනිකම වින්දා මාගේ හැමදේම වෙන්නෙ හොඳටයි හිත කිව්වා වාගේ මම පරණ මතක වල දැම්මා ආයේ පෙමත් එක්ක පටලගත්තෙ ඇයි කෙල්ලෙ රාගේ
