Thotupola

Hinawee

Shehan Perera

යලි අමතා විමසා බැලුවත් දුක සැප දැන් මාගේ නුඹට වඩා මට නෑ සතුටක් කවදාවත් තිබුණේ අතහැර යන දවසේ යලි නොහැරුණු දෑසේ කඳුලැලි දැන් පල නොවේ නුඹ නිදුකින් ඉනු මැනේ හිනාවී - මට බොරු කරාපූ - හිත බිඳ දමාපූ නුඹවම පතාපූ - රැවටුනි මා කියාවී - අපි කල් ගෙවාපූ - හැටි පෙම් කරාපූ දුටුවන් ගොතාපූ - රිදෙන කතා මේ හද ගැහෙන - තුරු කිසිදාක නෑ මා නම් හිතුවෙ යන්නට හැර මතු යම් දාක - අපි අපගේම වේවා යැයි නිතර යැදුවේ මම අතහැර යන දවසේ.... හිනාවී - මට බොරු කරාපූ.... නුඹම ගෙනාව - ලස්සන හීන බොඳ කරලා යන්න හිතුවත් නුඹ මා නොකිළිටිව - පිදු ආදරය පණ තියෙනා තෙක්ම පවතිනු ඇත අතහැර යන දවසේ.... හිනාවී - මට බොරු කරාපූ....

Hinawee lyrics · Shehan Perera