Thotupola

Mathaka Athi

Jayathu Sandaruwan

ජීවිතෙන් මා පැතුවේ හැමදාමත් ඔබ විතරයි දාලා යනකොට රිදුනේ මතකේ ඇති ඔබ ගැනමයි හීන ගිනි ගෙන දැවුනේ හැම වචනෙන් මා රිදිලයි වෙන් විලා හිත බිඳුනේ අපි කාගෙන්දෝ විමසයි (ඔබ දුන් දුකට වඩා නුඹ මට දුන් සතුට ඇතී මා අතහැරලා ගියත් ජීවත් වෙන්නට ඒ මතක ඇතී)..// ඔබ වාගේ කවුරුවත් ආදරෙන් ලං වෙවී මේ තරම් කාලයක් රිදවලා නැතුවැති අත පාන තැනයට මං කිසිදාක නොවැටෙමී විඳවන්න හේතු නම් නොතිබුනා මත් නොවේ හැම රැයක් නුඹ මත්තේ මැරෙනා හින්දා හීනෙන් ඇහැරෙනවා හැමදාමත් (ඔබ දුන් දුකට වඩා නුඹ මට දුන් සතුට ඇතී මා අතහැරලා ගියත් ජීවත් වෙන්නට ඒ මතක ඇතී)..// විඳවනා හින්දා මං ඔබව සිහිපත් වෙවී විඳිනවා තව තවත් හිත පතුලේ දුක පිරී ඉන්නේ සතුටින්ම නම් මාව අමතකමවී හේතුවත් එයම දැයි අවසන් ටිකක් හරී හැම රැයක් නුඹ මත්තේ මැරෙනා හින්දා හීනෙන් ඇහැරෙනවා හැමදාමත් ජීවිතෙන් මා පැතුවේ හැමදාමත්.... (ඔබ දුන් දුකට වඩා නුඹ මට දුන් සතුට ඇතී මා අතහැරලා ගියත් ජීවත් වෙන්නට ඒ මතක ඇතී)..//

Mathaka Athi lyrics · Jayathu Sandaruwan