Thotupola

Ahaliya Mala

Dilki Uresha, Uzi Senadeera

මගේ තරමට නුඹේ ලඟ නැති පෙම ගැන හිතලා හිරි පොද වැහි ඇති හවසක නිහඬව හැඬුවා ඇහැලිය මල මම මද සුලඟට වුව සැලෙනා නුඹ සැඩ සුලඟකි මග එන බව දැන සිටියා හද හඬනා පැය ගෙවුනා රතු නෙතු රෑ මැද දැවුනා රැය නොනිදා නිදි වැරුවා ඉකි බිඳුනා නිහඬ වුනා රෑ නුඹ අමතා නුඹගෙ මුවේ හැටි තරහා හිත තෙමුනා හඬ ඇසිලා හිත රිදුනා හොයනවා හීනෙක මාව මුමුනන ගීතෙක රාව කෙලෙසද අපි අපේ වෙලා අද හමුනොවී දෙතැනක හොයනවා කාව දුක දැක සතුටේ හිදින්නම් මතකය තුරුලේ නිදන්නම් ආලේ නිද්‍රාවක් නම් හීන දකින්නම් මං ආයෙත් හොයයි නුඹ ඇහැරුනාම ආලෙට තිව්වා තිතක් කඩන්න බෑ මට තවත් හිතක් ඇහැරිලා මං ඈතට යන්නම් දෙන්න බෑ කදුලක් නුදුන් නිසා කන්නකි නුඹ මං දෙන්න හොවාලම් ප්‍රේමේ නම් නෙවෙ දන් දෙන්නම් හිසක් රෝස තුඩක් වගේ තියුනු බවින් හෙබි ආදරේ කියන්නේ අමුතු විසක් රාගි දෙනෙත් නිල්වන් කොපුල් මතින් හිනැහුනු නුඹ හත් පෙති මලක්ය අද තමා සිහිවුනේ අතින් ගිලිහුනු දෑසින් රූරා වැටෙන්නෙ කඳුලක් ආලෙට කොහෙන්ද තව පතුලක් දිය පොද දැක්ක දවසක් පෙම්කල කතරක මා මොහයකින් පෙලුනු හද හඬනා පැය.... නිහඬ වුනා රෑ නුඹ.... දෙනෙත් මත ආලෝකයක්ව පැතිරී සියපතක් වගේ තව හිතක් ලගදී හිදී වැතිරී වතාවක් වතාවක්ව ආයෙ මම නාවත් දැන් කාලේ ගෙවුනේ මදුවිතිනි අවසරයි තිතක් තියන් යන්න සමු අදින් කිසිත් නෑ අපේ දැන් ඉතිරි ආලේ සිදිනි සම්මතයක් වුවත් අසම්මතයක් වුවත් දැක්කේ නෑ සීමාවක් උඹ වගේම රුවක් මං ආයේ පාරක් හිත කියන්නේ කුමක් දැන් පතන්නේ නුඹෙන් මා තොරවූ ලොවක් හීන එක්ක මියයන දවසක් නෑ යලි එන ඉකි බිඳි නැසුනත් දෛවය සරදමක් නිසා අවසන් ඇමතුමයි මම ඔබ අමතන ලං වෙන්න ලං වෙන්න මං දැක්කේවෙනත් දුර හීන අපි අපේ ලෝකේ හොයන් ආ මග නැවතීය අපේ පටුනෙන් ඇරඹී පිටුවෙන් පිටුව සායම් බිදු විසිරීය අපි අප කෙරේ තිබූ ආලේ මෙසේ නිමවීය නොදැනීම මගේ තරමට නුඹේ ලඟ නැති....

Ahaliya Mala lyrics · Dilki Uresha, Uzi Senadeera