Thotupola

Nalola

Dimanka Wellalage

පින් ඇස් දෙකට මගේ පෙනුනා කෙනෙක් හොයපු හැඩැත්තී රෝස කැලෙන් මගේ හිතට කඩන් වැටුනු හිතැත්තී ලොවම කැමැත්ත ඉල්ලනා මටම මැවිච්ච එක්කෙනා මේ අහගන්න ඔබෙන් අහන්නේ මං ආදරෙයිද සිත් සනසවෝලා සරසවෝලා ආස රහට හීන මගේ පපු කඳ පුරෝලා ඇස් කරකවෝලා නටවවෝලා සීත ඈත පාරදිගේ වැඩපන් නලෝලා මල් මත රැජින ඔබද දිලෙන නළලේ තිලක තියාලා යන ගමන හැඩය සුමුදු මුවග සිනහ නඟාලා ලොවම කැමැත්ත ඉල්ලනා මටම මැවිච්ච එක්කෙනා මේ අහගන්න ඔබෙන් අහන්නේ මං ආදරෙයිද සිත් සනසවෝලා සරසවෝලා.... රන් සළු නැතය අගය සතුට තියෙන තැනක රැදීලා අපි ගෙවමු දිවිය අතරමඟක නතර නොවීලා ලොවම කැමැත්ත ඉල්ලනා මටම මැවිච්ච එක්කෙනා මේ අහගන්න ඔබෙන් අහන්නේ මං ආදරෙයිද සිත් සනසවෝලා සරසවෝලා....

Nalola lyrics · Dimanka Wellalage