Thotupola

Seetha Mediyam

Sujith Wadanambi

සීත මැදියම් රාත්‍රී කාලය අතීතය යළි සිහි කරයි බොඳව ගිය නුඹේ රුවම මවමින් සොඳුරු මතකය අවදි කරමින් සිහිනයෙන් හද සනසවයි වසර ගණනක් නුඹව පැතුවා වසර ගණනක් පෙමින් බැඳුණා ජීවිතේ දිගු කාලයක් එකට එක්වී ළඟින් උන්නා නුඹයි මාගේ ප්‍රේමයේ ප්‍රේම කුමරිය නුඹ තමයි වසර ගණනක් ගෙවා දැමුවා වසර ගණනක් තනිව සිටියා ජීවිතේ මහා පාළුවක් තනිව හිඳිමින් සිතින් වින්දා හෙටත් මාගේ සිහිනයේ සිහින කුමරිය නුඹ තමයි සීත මැදියම්...

Seetha Mediyam lyrics · Sujith Wadanambi