Thotupola

Phoenix Kirilli

Sachith Ekanayake

කවිය ඇය පද නැති තනුව විය ස්වර නැති ගැයුම රැය එළිවෙති එළිය විය අදුරැති හිත් හදන් අලු ගසන් මං මරන් ඉපදියන් ජීවිතය තනියෙන් වේදනා දැනියන් ආදරේ ගිනියම් හීනයකි අනියම් අතීතේ අලුකරන් අලුවලින් පණ අරන් ගිණි මැදින් තෙද අරන් ඉපදුනා ලබැදි සදැල්ලී හිතින් මා නිදැල්ලේ අළු ගිණියම් කැදැල්ලේ Phoenix කිරිල්ලී ලෝකයක ගැරහුම් ආදරේ ඉහිරුම් හිත් බිදපු ගෙරවුම් ලක්ෂයයි හැරවුම් අතීතේ අලුකරන් අලුවලින් පණ අරන් ගිණි මැදින් තෙද අරන් ඉපදුනා ලබැදි සදැල්ලී හිතින් මා නිදැල්ලේ අළු ගිණියම් කැදැල්ලේ Phoenix කිරිල්ලී

Phoenix Kirilli lyrics · Sachith Ekanayake