Thotupola

Husmak Tharamata (Ahi Pillamak Yata Obawa Thiyala)

Dilki Uresha

ආදරේ හරියට සුළඟ වගේ හදවත නිවන්න වගේම හදවත දවලා අළු කරන්නත් ආදරේට පුළුවන් ඇහිපිල්ලමක් යට ඔබව තියලා රැක ගත්තෙ මං මගෙ නේද කියලා එක මොහොතකින් මගෙ හිතම හොල්ලා ඈතට ගියේ ඇයි මාව දවලා ආදරෙයි ඔබට මං රත්තරං හුස්මක් තරමට දැනෙනා ආදරයක් ඔබ දුන්නා ඔබ නැති ජීවිතයක් මා හීනෙන් වත් නෑ දැකලා කවියක් වගේ ඔබ භාවනාවක් මට ඔබ තරම් නෑ දැනුණේ කාවත් ඇබ්බැහි වෙලා මම ඔබ ට තාමත් ඔබ නැති හෙටක් මට නම් අපායක් ආදරෙයි ඔබට මං රත්තරං හුස්මක් තරමට දැනෙනා.... මුළු ලෝකයක් පීරාලා සෙව්වත් මේ මං තරම් ආදරය කවුරුත් හමුවෙන්නේ නෑ මේ අහස යට නම් අපි ආදරෙන් එක් වෙමු ද ආයෙත් ආදරෙයි ඔබට මං රත්තරං හුස්මක් තරමට දැනෙනා....

Husmak Tharamata (Ahi Pillamak Yata Obawa Thiyala) lyrics · Dilki Uresha