Napuru Kaviya
මන්දාරම් අහසක තනියෙන් දේදුන්නක හැඟුමන් මවමින් ඇහිපිය යට හීනයක් මවලා කෙහෙරැලි ගංගාවක නගමින් පිනි බිඳුවක කෝල පහසින් ඔබෙ උණුහුම නොදැනි මට දැනුනා දෙකොපුල් ආදරෙන් ගිලිලා යන තාලේ හිත අදිනා කවුරුන්ද මේ රූ සොබා දෙවියනි කවුරුන්දෝ මැවුවේ මේ රූ සොබා ගැටෙනා හැම හුස්මක්ම ආලේ කලා ලැම ගස්සාලා පොළොවේ දෙපතුල් තියා නොනිදා දකිනා හීනේ නොදැනීම සුලඟේ ගියා ගිනිසිලුවක පහසක් පතමින් මිරිඟු දියට පාරක් සොයමින් හිත දෙතැනක අතරමං වීලා දෑසින් දැක ගන්නට ඇත්තක් කිමිදෙන්නම් පතුලෙම සොයමින් පෙම් සිහිනේ නුවන් විහිදාලා දෙකොපුල් ආදරෙන් ගිලිලා.... Sinhala Rap හතර ගාතේම හදවත සිතට මාගේ මේ වද දෙන සුන්දර කරදර මට දෙන රෝස නටුවේ කටුද අද මට සුව දෙන තිර පිට පතට හදුන්වා දෙන නවක නිළිය නපුරු කවිය ලං වන හැමවිට චනිකව ඇවිලෙන හර්ද ස්පන්දන මාගේ වෙවුලන නාහෙට නාහන සිත නෑ එක තැන කෙරුවට නොවම වෙයි ආලේ මර්දන පෙම ඉල්ලා හාමතේ සිත මා උද්ගෝෂනේ නෙතින් නෙත ගැටුනේ පණ ගත්තා කෙල්ලේ භීෂනේ දෙකොපුල් ආදරෙන් ගිලිලා....
