Thotupola

Hansanariye

Sachith and Rukmantha

ඔබට කවි ලියනා රැය නොම පහන් වේවා අකුරු වටකුරු නෑ මගේ සෙනෙහේ ඇත ලියලා පිටුවම බොඳවෙයි කඳුලු වැටී මගෙ හදවත හිරිවැටිලා ඔය රුව මතකේ නොමියාවී මගෙ හංසනාරියේ ළමැද මැද්දේ වහින වැස්සේ මාව තෙමිලා ගියා උකුලෙ හැංඟී ගයන පෙම් ගී රාව මතකයි එදා මිහිපිට මා දුටු සුර ළඳුනේ මගෙ සියොලඟ ඔබ මත්කලා කළ්‍යාණියේ මගේ පණ ඔබ හංසනාරියේ මටම හිමිනැති ලොවම හඳුනන ශෘංගාරී ආයාචනා පාද සළඹට නිතඹ සැලුවට ඇයිද වල්මත් වෙලා මිහිපිට මා දුටු සුර ළඳුනේ මගෙ සියොලඟ ඔබ මත්කලා කළ්‍යාණියේ මගේ පණ ඔබ හංසනාරියේ පිටුවම බොඳවෙයි කඳුලු වැටී මගෙ හදවත හිරිවැටිලා ඔය රුව මතකේ නොමියාවී මගෙ හංසනාරියේ

Hansanariye lyrics · Sachith and Rukmantha