Thotupola

Kaluwara

Jackson Anthony, Sajitha Anthony

වෙස් තට්ටට උඩින් වරෙන් අයිලෙ යටින් රිංගා වරෙන් මේ කප අරගන්ඩ වරෙන් නාග දරණ ඔඩ්ඩි යස්සනී මට වින අරගන්ඩ වරෙන් මල් වියනෙන් බැහැලා වරෙන් යහන් තලා රූ පරලේ පහන් නිවමු කීල පන්දමේ කළුවර... කළු දෙයියෝ මල්වර... මල් දෙයියෝ (තල මල කපා මල ගොබ හපා වල උඩ දපා තුලුඅඟ පපා...//) (මට ලේ බොන්න දිය මරු වැල අන්දපිය කරුවල සංගෙදිය දරු ගැබ වසාපිය...//) තී මට දැපනෙ වරෝ මයෙ කීල යස්සනී වී ඇට විලඳ පරමල් කෑ බවලත්තී රන් පොට ළමැද කිරි පබුලුවෙ දැවටිච්චී වංගෙඩි පලන හනුමන්තට රැවටිච්චී මල්වර රැයේ කළුවර වී ඉපදිච්චී ඇල ලීලාවේ මුරුගසං වරුසාවේ කළුකුමාර දරන මංගල්ලේ මයෙ පපුව බල ඇවිලෙන ගින්න බල තුනුවිල වතුර තුල කිමිදෙනා දාර නාගයා ලෝදිය කල්කේ වමාරා මල් යහන් ගිනිලෑවෝ ඒ ගිනිකඳ බෝවී ලෝ තුල ලඳුන් බිලි වී ගිනිකඳු නිවී හලු වී හත්තිලව්වේ උනු අලු පල්ලෙන් නැගී ආවෝ කළුවර... කළු දෙයියෝ මල්වර... මල් දෙයියෝ

Kaluwara lyrics · Jackson Anthony, Sajitha Anthony