Viduliya Eliya
විදුලිය එළිය දැක ගිනි හුළ දියේ හෙළා මඟ වැරදිලා දිවූවේ මං මුළා වෙලා පැනයන මුවන් ළඟ හැලුණයි නෙළූ පලා දොර ඇරපන් අම්මේ මට සමාවෙලා කස්තුරි කපුරු කෑ තරමට එපා උනී තිත්තයි අනේ තිත්තයි මී වදේ පැනී ඇස් රතු කළ කොළොප්පමකට හිනා උනී මහමෙර වගේ නුඹ නොදොඩා බලා උනී විදුලිය එළිය දැක ගිනි හුළ දියේ හෙළා මඟ වැරදිලා දිවූවේ මං මුළා වෙලා පැනයන මුවන් ළඟ හැලුණයි නෙළූ පලා දොර ඇරපන් අම්මේ මට සමාවෙලා මෝල් ගසත් ඇවිලුණි කරුම ගින්නට උණුසුම මදි වුණා ඔය පැලෙ ඉන්නට ආගිය මාවතක් හෙම නෑ පෙනෙන්නට අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට විදුලිය එළිය දැක ගිනි හුළ දියේ හෙළා මඟ වැරදිලා දිවූවේ මං මුළා වෙලා පැනයන මුවන් ළඟ හැලුණයි නෙළූ පලා දොර ඇරපන් අම්මේ මට සමාවෙලා
