Thotupola

Gana Thel Sandun Waralasa

Saman Jayanath Jinadasa

ගාන තෙල් සඳුන් වරලස පීරමින් බලන හැඩ රුව නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී.. අහිංසකාවී.. අහිංසකාවී.. කෝල මුතු සිනා දෙතොලග පිසුනු රන් ලමැද ගෝමර නුඹම නොවෙද හිත රජවුනු මහේසිකාවී.. මහේසිකාවී.. මහේසිකාවී.. සඳ හිනැහී එන යාමෙට සුදු සඳ රැස් විලට බහින සුනිල පියුම් පෙති නෙළමින මාල ගොතා ගෙලේ බඳින නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී නුඹම නොවෙද හිත රජවුනු මහේසිකාවී වසන්තයේ හිරු හිනැහෙන දිගන්තයේ මල් සුවඳින දසන්තයේ සිත් පුබුදන කාන්තියේ නෙත් දිදුලන (නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී නුඹම නොවෙද හිත රජවුනු මහේසිකාවී..//)

Gana Thel Sandun Waralasa lyrics · Saman Jayanath Jinadasa