Thotupola

Diriya Doni

Sathya Mendis, Kaveesha Githmi

මහා පුදුම ඉපදීමක ආදරයක් මා කුසේ දරා සිටියේ කොහොමද නොදනී දෝණී - බැඳුණේ පෙරුම් පුරා සිනාසෙන්න උගනී මං අම්මේ ඔබ මෙන් පවන්සලා හැබැයි නොවේ කාටත් බියවන්නේ - කාල වළාවකි මා මගේ දිරිය දෝණී…/// ඔබයි දිරිය දෝණී මල්පෙති සිවුමැලි රෝස පාට අත් තෙද බල විකුම් ගෙනා ඊට සනුහරේ එදිරිව හැසිරේ - නුඹ රැක ගනිමී මා අරමුණ දිනවන ඉරණම දැක දැක පසු නොබසින රිසිනා පෙරමුණ අරගෙන ඉදිරියටම යමි - ඔබෙ ගුණ රකිමින් මා මගේ දිරිය දෝණී…/// ඔබයි දිරිය දෝණී අහසේ කෙළවර දිනා යන්න හැකි වෙනතුරු සෙවණ දෙමී රකුසන්ගේ හිරිහැර කරදර බිඳ - සෙවණැල්ලේ බැඳෙමී ආදරේ මතුරා කියනා මුව වදනින් සිසිල විඳී නුඹේ සෙනෙහෙ දිරියෙන් වීරිය ගෙන - මේ ලොව ජය ගනිමී මගේ දිරිය දෝණී…/// ඔබයි දිරිය දෝණී

Diriya Doni lyrics · Sathya Mendis, Kaveesha Githmi