Amma
රාහුල දන් දුන් යශෝධරා ඔබ නිවන් පුරට වැඩිය ද මන්දා රජ සැප නැතිවට ළමැදේ රන්කිරි දිව බොජුනක් කළ අපෙ අම්මා නිවන් පුරට වැඩිය ද අම්මා නිවන් පුරට වැඩිය ද අම්මා... කසාවතට රස මසවුළු අඩු වෙද එනමුදු මඟ බලමින් උන්නා සෙනෙහස නොඅඩුව දමමින් පිසුවෙද රස නහරත් මට රස කීවා නිවන් පුරට වැඩිය ද අම්මා නිවන් පුරට වැඩිය ද අම්මා... කෙලෙස් නසන්නට වන ගත වනු බෑ පොඩි මල්ලී කිරි රස හෙවුවා නිවන් පුරට අපි යමු එක දවසක ආයෙත් එන්නකෝ අපේ අම්මා නිවන් පුරට වැඩිය ද අම්මා නිවන් පුරට වැඩිය ද අම්මා... රාහුල දන් දුන්...
