Thotupola

Athul Weema Thahanam

Kalpana Kavindi, Thanaka Tharaki

(ඇතුල්වීම තහනම් ඇරගෙන හදවත් දොරටු පියන්...//) චාටු වදන් පෙරටු කරන් හමනවා ප්‍රේම සුළං දෑස වසාගෙන සිටියොත් මැකේවි ආදර බිතු සිතුවම් (ඇතුල්වීම තහනම් ඇරගෙන හදවත් දොරටු පියන් අනවසරෙන්...//) (අපි පියා සලා හිස් අහසේ ආදරේ කළා සිත් සිතු සේ...//) ගියා මගේ මටත් නොකියා හිත අතුරේ එතෙර වුණා මම නතර වෙලා ආදර දුක් ඉවුරේ ඉතිරි වුණා පොඩි දුක් කවියක් හදවත් කැටපත් පවුරේ... (ඇතුල්වීම තහනම් ඇරගෙන හදවත් දොරටු පියන් අනවසරෙන්...//) (යාවෙලා පෙම් සිහිලේ මං හීන මැව් ඒ තුරුලේ...//) තාම දැනෙනවා හුස්මක උණුසුම උකුලේ ඇඬෙන ටිකත් මිහිරි දුකක් හංඟන් හද පතුලේ වටින හුඟක් මතක ගොඩක් තියෙනවා හිත ඇතුලේ... (ඇතුල්වීම තහනම් ඇරගෙන හදවත් දොරටු පියන් අනවසරෙන්...//) චාටු වදන් පෙරටු කරන් හමනවා ප්‍රේම සුළං දෑස වසාගෙන සිටියොත් මැකේවි ආදර බිතු සිතුවම් (ඇතුල්වීම තහනම් ඇරගෙන හදවත් දොරටු පියන් අනවසරෙන්...//)

Athul Weema Thahanam lyrics · Kalpana Kavindi, Thanaka Tharaki