Thotupola

Dasa Wasagami Oba Nopenennata

Punya Kathriarachchi

දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට සිහිනෙක දැවටී ඔබ එනවා හිත හිර කරගමි ඔබට නොඑන්නට සිතුවිල්ලක් වී ඔබ එනවා... අහසට ඔසවන විටකදි නෙත් යුග හිරු සඳු වී ඔබ හිනැහෙනවා මිහිමත පියකරු දසුනක් වේ නම් ඔබේ රුව ඒ තුළ දැවටෙනවා... පාළුව ඉවසා මා තනි වෙද්දී සුසුමක් වී පසුපස එනවා කල්පිත ලොකේ ගී පොත පෙරළා ගීයක් වී ඔබ වැළපෙනවා... අහසත් පොළොවත් ඔබමද මා හට නැතිවද ඔබ මා හැර යන්නේ තහනම් දේසේ බැදි බැමි බිඳ දා කෙදිනද ඔබ මා හමු වන්නේ... දෑස වසාගමි ඔබ...

Dasa Wasagami Oba Nopenennata lyrics · Punya Kathriarachchi