Thotupola

Oba Kohe Hari Athi

Raween Kanishka

ඔබ කොහේ හරි ඇති මට පෙනී නොපෙනී මට දැනී නොදැනී ඔබ කොහේ හරි ඇති මට පෙනී නොපෙනී මට දැනී නොදැනී මේ විසල් විශ්වයේ (ඔබ කොහේ හරි ඇති...//) (මලක් වී අතු අග පිපී සුවඳ දි සුළගේ එතී තරුවක්ව අඳුරේ දිලී උණුසුමක සිහිලක වෙලී...//) පෙනී නොපෙනී ඔබ හිඳී (අරුණේ බොඳ වුණු පැතුම වී රැයේ ඉගිලෙන සුසුම වී මතකයක නොනිදා රැඳී තනිකමක කඳුලක වෙලී...//) දැනී නොදැනී ඔබ හිඳී මට පෙනී නොපෙනී මට දැනී නොදැනී මේ විසල් විශ්වයේ ඔබ කොහේ හරි ඇති

Oba Kohe Hari Athi lyrics · Raween Kanishka