Atha Diye Muhudukare
ඈත දියේ මුහුදු කරේ හිමි සඳුනේ කොහෙද ගියේ පාලු රැයේ මන් තනියේ හිමි සඳුනේ කොහෙද ගියේ වරුසාවේ හැම රෑකම උණුහුම ඔබෙ සොයනා තුන් පත් රෑනේ සිහිනය තවමත් නැත බිඳිලා සුදු රළ ගල් කුළු සිඹ වෙරළෙන් ඈතට ඇදෙනා හීනෙන් වත් ඇවිත් යන්න ඒ රළ මෙන් තෙමිලා ඈත දියේ.../ මල් සුවඳට බඹරු ඇවිත් සතර අතින් රඟනා නුඹේ නමින් පිපුණු කුසුම නැත උන් හා බැඳිලා රාත්‍රියම දිගු ඇයි මගෙ නපුරුයි හිරු කුමරා දෙවි පිහිටෙන් පණ රැකදෙන් මගෙ රන් කඳ සොඳිනා ඈත දියේ../
