Ikmanin Hitha Hadan
ඉක්මනින් හිත හදන් වැරදි නිවැරදි කරන් නුඹ වෙතට එනවා මං අවසරයි ඉතින් සමුගන්න නුඹ කෙරෙන් මට කාරණා නෑ කිසිදු ඉන්න නුඹ ළඟ සෑමදේම අන්තිමේදි වැරදිකරු මම ඒ තමයි ආදරෙන් නුඹ දුන්නු තිළිණය (ඉක්මනින් හිත හදන් වැරදි නිවැරදි කරන් නුඹ වෙතට එනවා මං තව ශක්තිමත් ලෙසින්...//) හඬලා පලක් නැති විඳලා පලක් නැති හිතලා පලක් ඇති වැරදිච්ච තැන් ඇති සිදුවෙච්ච හැම දෙයක් පාඩමක් කරගෙන කාලයත් අරගෙන නැගිටින්නෙමි මම ඉක්මනින් හිත හදන්....// ඇද හැලෙද්දී වැසි දොස් නගපු ලෝකය ගුණ දම් කියා තැවෙයි නැතිවෙද්දී මහා වැසි ඒ වාගේ මගේ සෙනේ දුර යද්දි නුඹ කෙරේ නුඹටත් දැනේ ලඳේ වටිනකම මගේ පෙමේ ඉක්මනින් හිත හදන්....// අවසරයි ඉතින් සමුගන්න නුඹ කෙරෙන් මට.... ඉක්මනින් හිත හදන්....//
