Thotupola

Karamba Mal Pipi

Karunarathna Divulgane

කරඹ මල් පිපී සුවඳයි හේනෙ පැල මගේ සුබ නැකතට සුදු පිරුවට ඇතිරුවා වගේ කුරහන් මල් මද සුළඟට දඟ කරයි නගේ හරියට නුඹ මගේ ළඟින් ඉන්නකොට වගේ පසළොස්වක නාඹර සඳ ගෙවැදුණා නගේ නුඹෙ හසරැලි අරගෙන මගෙ තනිකමට රැයේ ඈතින් එන සීපදයක සිත දැහැන් බැ‍ඳේ ළඟ නැතුවත් ඉඳුවර මල් ඉඟි කළා වගේ කරඹ මල් පිපී සුවඳයි ... සඳ ඉස්සර කරගෙන තරු නෑ ගමන් කොහේ වලා කැරලි සඳ ඉඹින්නෙ පෙම්වතුන් වගේ ගෝමර ගෙල වට පළඳා මුතු පොටක් නගේ මගේ පැලට කැන්ඳා එන සඳ නුඹයි මගේ කරඹ මල් පිපී සුවඳයි ...

Karamba Mal Pipi lyrics · Karunarathna Divulgane