Dewan Pahan Mini Naga
දෙවන් පහන් මිණි නඟා - වඩිනු සුදතුනේ හද පුරා වගුරුවා - කිතු රැස් ඔබගේ අසරණුන් පියේ - වඩිනු වරම් දෙන පියේ හිතට එළිය ඔබ අනේ - වඩිනු අප සොයා දෙවන් පහන් මිණි නඟා.... නිවන වෙහෙසෙදී - හෙවණ ගිමන් පෙළුමෙදී දුකේ වලපෙ අස්වැසුම් - සුදත් සුරිඳුනේ දෙවන් පහන් මිණි නඟා.... ඇදැහියන් සැදෑ - ඔබට ගැතිව ඔබ පතා සිටින සැමට සත් වරම් - පිහිට දෙනු වඩා දෙවන් පහන් මිණි නඟා....
