Thotupola

Amma (Kuse Daragena)

Dilhan Wijesinghe

කුසේ දරාගෙන දස මසකුත් උන්නා දරා ගන්න බැරි දුක් පීඩා වින්දා අම්මා එදා මං හින්දා දුක් වින්දා.. දුක් වින්දා මං හින්දා දුක් වින්දා බිහි කලදා මා ඔබට කෙසේ දැනුනේ පරදා දිවි ඔබෙ මා ගැනමයි සිතුවේ මා ලොව දුටු දා මුල් කිරි මට පෙව්වේ එහි ශක්තිය මගෙ ලෝකය එලිය කලේ අම්මා.. අම්මා.. අම්මා.. මගෙ අම්මා නිසි වයසෙදි මා පාසැල වෙත යවලා නුවණැස පාදා සරසවියද පෙන්වා පුතා මගේ ලොකු මිනිසෙකු වෙයන් කියා හිස අත ගා මට සුබ පැතුවා අම්මා අම්මා.. අම්මා.. මට මැණිකකි අම්මා කුසේ දරාගෙන දස මසකුත් උන්නා....

Amma (Kuse Daragena) lyrics · Dilhan Wijesinghe