Thotupola

Manamalai Adareth

Samitha Mudunkotuwa

පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින් ජීවිතේ හීනයක් මමදෝ කියන් හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින් ඇත්තමයි නුඹ මගේ අහසම තරම් කවිකාර හීනේ ලඟින් දඟකාරකම් හිත තියන් මනමාලයි ආදරෙත් නුඹ තරම් මනමාලයි ආදරෙත් නුඹ තරම් නිදි වරන හීනයේ.. මතකය දිගේ ගිහින් සෙනෙහසට ගැඹුරක් එක්කරන් ඔය නමින් නුඹ දුන්නු ආදරේ.. අරුත සොයනා සිතින් තව නුඹට ලංවුණා.. හුස්ම වැටෙනා දුරින් නුපුරුදුම ආදරේ.. එක හිතට යාකරන් නවතින්න හදවතේ හිතුමතේ දුර ගිහින් ඉකි බින්ද ජීවිතේ.. තනිකම මැකී ගිහින් තව ඉඩක් නෑ හිතේ.. නුඹට දුන්නා තරම් පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්.... ආ.. ආ.. හා.. ආ.. ආ..

Manamalai Adareth lyrics · Samitha Mudunkotuwa