Thotupola

Asammatha Pemak (Rathu Thol)

Chamu Sri

රතු තොල් ටිකක් සිප ගත්තත් මමත් ඇය මගෙමයි කියා දැනුනේ නෑ මට බිඳක් අප පෙම තවත් අසම්මත වුවත් ඔබ මගෙමයි කියා දැනුනේ ඇයි මට යලිත් වේදනා නෑ මට දැනුනේ ඔබෙ ආදරෙන් මා මත් වුනේ තුරුලටවී ඉන්නයි සිතුවේ දුටුවේ නෑ මේ මාරුතේ (ශ්රුන්ගාරෙන් මත් වූයේ හද ගැස්මත් වැඩි වූයේ රාත්‍රිය නෑ පහන් වුනේ යහනද නෑ තනි වූයේ...//) ගිනියම් වූ කතරක් මැද තනි වූ නිසා දිය බිඳක වටිනාකම දැන උන් නිසා ඔබෙ හදට ලං වෙන්න ඕනා නිසා මරණයද සුළු දෙයකි මට නම් එදා සංසාරේ ඉරණම මගේ විසඳූයේ ඔබමද ලඳේ සන්තාපේ පමණද දැනුනේ දුටුවේ නෑ මේ මාරුතේ (ශ්රුන්ගාරෙන් මත් වූයේ හද ගැස්මත් වැඩි වූයේ රාත්‍රිය නෑ පහන් වුනේ යහනද නෑ තනි වූයේ...////)

Asammatha Pemak (Rathu Thol) lyrics · Chamu Sri