Thotupola

Wen Wenna Nam

Idunil Chathuranga

වෙන් වෙන්න නම් මෙලෙසින් ලං වූයේ ඇයි ලඳුනේ මාව හැරදා යන්නට වරද කිව මැන මාගේ මේ ලෙසින් නුඹ මා හට දුක් දෙන්නේ ඇයි ලඳුනේ නුඹගේ සතුට ඔහු නම් සමුගෙන යන්නම් මං වෙන් වෙන්න නම් මෙලෙසින්.... රෑ දිවා සිතින් මා විදවමි සෑමදා ආදරේ නාමයෙන් රැවටුනෙමි මා මෙලෙසින් ජීවිතේ පවතිනා තුරාවට නුඹ ආයේ එන්නෙපා මා වෙත නම් නුඹේ බොරු සෙනෙහෙ පෑමට වෙන් වෙන්න නම් මෙලෙසින්.... වැරදුනේ මටයි කියා තේරුනේ දැන් තමයි ඔබ මගේ ලෝකයෙන් සදහටම යනු මැනවි සංසාරේ මතු භවයේ එන්නෙපා මා වෙත නම් ඔබ දුන්නු වේදනා විදෙව්වා ඇති මම දැන් වෙන් වෙන්න නම් මෙලෙසින්.... මේ ලෙසින් නුඹ මා හට.... වෙන් වෙන්න නම් මෙලෙසින්....

Wen Wenna Nam lyrics · Idunil Chathuranga