Thotupola

දියවන්නා කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේ දෙරණට සඳ පලුව එබෙනවා හීන ගේන සීනි බෝල තක්ෂිලාව වට කරලා මගේ පුතා අකුරු කරනවා සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා නුඹව රකිනවා..... හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු හොයනවා දළ දිලිසෙන හස්ති රජුන් හෙමින් හෙමින් නිදි කරලා ස්වර්ගයට යන්න හදනවා සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා නුඹව රකිනවා..... පත්තිනියේ නුඹ නාඬන් ඇය එතෙරක කාසි සොයයි ඒ කාසි රජුන් තනනවා රේණු තලා මල්ද තලා තෙල් මල් ගෙන දෝත දරා නිවන් යන්න පාර අහනවා සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා නුඹව රකිනවා.....

Diyawanna Kumariye lyrics · Dumal Warnakulasooriya, Chandika Lilan, Sanjaya Udaya Kumara, Supun Peiris, Prakash Ranasinghe, Naada