Thotupola

Amme Obe Suwadin

Ravindu Sathsara

පුංචි සන්දියේ ලේ කිරෙන් පොවාලා ආදරේ ඔබේ තොටිල්ලේ තියාලා ස්නේහයෙන් ලැබු අම්මේ අම්මේ කිරි සුවඳින් උතුරා ගිය ස්නේහේ ජීවිතේ අරුතින් පිරවූවා.... අම්මේ ඔබේ සුවඳින් උතුරා ගිය ස්නේහේ ජීවිතේ අරුතින් පිරවූවා.... දොයි දොයි දොයි බයි බයි බයිය පුතා ඔබේ නැලවිලි ගී රාවෙන් (මා ගයනෙම් ගී මිහිරෙන් පදවැල් මුමුණා මව් ගුණයෙන්....//) පුංචි සන්දියේ...... රතු රුහිරය කිරි කරවා මගේ කුසගිනි නිවූ අම්මා ගැලු සෙනෙහේ ගඟුලේ නහවාලා ආදරයෙන් සනසාලා ගී ගයමින් සෙනෙහෙන් නැලවූවා මව්ගුණ සැමදා ගැයුවත් නිම් කළ හැකි කිසිවෙක් නොම වෙත් මෑණි නුඹ මගේ වේවා මතු භවයෙත්..... පුංචි සන්දියේ ලේ කිරෙන් පොවාලා ආදරේ ඔබේ තොටිල්ලේ තියාලා ස්නේහයෙන් ලැබු අම්මේ අම්මේ ඔබේ සුවඳින් උතුරා ගිය ස්නේහේ ජීවිතේ අරුතින් පිරවූවා.... අම්මේ කිරි සුවඳින් උතුරා ගිය ස්නේහේ ජීවිතේ අරුතින් පිරවූවා.....

Amme Obe Suwadin lyrics · Ravindu Sathsara