Thotupola

Malak Wilasin

Saman Nishakara

මලක් විලසින් ඔබේ නිර්මල ප්‍රේමයේ පූජාසනේ තුටින් පුද දෙමි මගේ පණ නල නමින් ඔබගේ ප්‍රේමයේ (මැනේ මා කුමරියේ...//) නොනිමි දෙනුවර අන්දරේ ඔබේ දෙනයන කඳුළු පිසහැර මගේ සිහිනය හෙලා කඳුලක ඔබේ පෙම් ලොව පහන දල්වා නික්ම යන්නට පතමි අවසර (මැනේ මා කුමරියේ...//) නොනිමි දෙනුවර අන්දරේ මගේ කඳුලින් මල් පිපුණ ලොව දිනූ සෙනෙහේ කිරුල රැකගෙන සුවෙන් සතුටින් හිඳින් සොඳුරිය මලත් නොමියෙන සතුට එය මට (මැනේ මා කුමරියේ...//) නොනිමි දෙනුවර අන්දරේ මලක් විලසින් ඔබේ....

Malak Wilasin lyrics · Saman Nishakara