Thotupola

Asha Dahasak (Sangeethe Teledrama Song)

Lavan Abhishek, Nilupul Bandara, Anura Priyakalum, Sachini Ranawaka

ආශා දහසක් පොදි බැඳ දෑසක් දැක්කොත් ලුහුබැඳ ජීවිතේට රස්නෙ හොයපු කාලේ සිහිනෙන් සිහිනෙට වද විඳ සැප සේ ඉවසා ගෙන දුක මතකද ඒ පිස්සු නටපු කාලේ ගිහින් කටු ගාලක රෑ පැටලී ඉර පානෙත් යලි පැටලී තරුණ විසේ රහට විඳපු කාලේ (සිහි කෙරුවත් දෑස් තෙමෙන ලස්සන දේවල් මතකද ආදරේට පිස්සු වැටුණ කාලේ...//) කදුළු පුරවන් මොකෝ සතුට හොරු ගත්තදෝ දුක කියන්න නොසඟවා තැවුල් කාටත් පොදුයි සුසුම් හෙලලා සුලන් අතට හරවන්නකෝ පුලුන් රැල්ලක් වගේ නිදැල්ලේ පාව යයි කඳුළු පිසදා ඉතින් සතුට අරගන්නකෝ දුක කියන්නේ මේ ලොවේ ජිවීතේ ජය මගයි සුසුම් මුසුවී තමයි සුලඟ හැදුනේ කියා හැඬුම් මුසුවී තමයි වැස්ස හැදුනේ කියා වදන් ඔවදන් කර පෙන්වාලු අතීතේ ලස්සන මතකද හිතේ ඇතිදේ කියා ගන්න දවසක් මදී වෙච්ච දේවල් අහෝ නිමක් නෑ සුන්දරයි විවර කරදා හදේ සිරව ඇති සෑමදේ යොවුන් බඹරුන් වගේ ඉන්න කාටත් හැකී දෑත් විහිදා සුපෙම් මතක පවසන්නකෝ අසා ඉන්නා තරම් තවත් සතුටක් නොවේ එවන් රස පෙම් කතා තමයි ඔබගෙයි මගෙයි පතන පැතුමන් පවා අමුතු වෙනසක් කලේ සිතුම් සිතුවම් සේ ගලපාලු මතකෙට ස්තූති සැමට ආශා දහසක් පොදි බැඳ.....

Asha Dahasak (Sangeethe Teledrama Song) lyrics · Lavan Abhishek, Nilupul Bandara, Anura Priyakalum, Sachini Ranawaka