Pichcha Pokuru Mal Peedena (Rithu Teledrama Song)
පිච්ච පොකුරු මල් පීදෙන හද්ද පිටිසරේ වතු සුද්ද මලට පෙම් බැන්දේ වැරදිලා නොවේ දිගු සේල අඳින උතුරුකරේ නුඹ ගැබදේවි නුඹ අඬන්නෙපා දකුණු දිගින් නෑගම් ඒවී... දුක කීරි ගැහෙන හැන්දෑවක හදවත පිරිමැද (මුදු සඳට හාදුවක් තියන්න මල් ලියකම් මැද...//) ගී සින්දු ඇහෙන මිටියාවත නිල්ල නිලන සඳ (ඔය මීන නුවන් වසාලන්න මගෙ මතකය ළඟ...//) පිච්ච පොකුරු මල් පීදෙන හද්ද පිටිසරේ වතු සුද්ද මලට පෙම් බැන්දේ වැරදිලා නොවේ දිගු සේල අඳින උතුරුකරේ නුඹ ගැබදේවි (නුඹ අඬන්නෙපා දකුණු දිගින් නෑගම් ඒවී...///)
