Hunnasgira Wage
හුන්නස්ගිර වාගේ නොසැලී ඇතෙක් වාගේ දිවි බර අදිති ගෙදර බුදුන්ටත් නෑ දෙවනි තාත්තේ ඔබ බෝසතුන් වැනි ඔය පපු තෙරේ සෙනෙහස ඔබේ නෑ කිසිදින සිදුනේ භවයෙන් භවේ පිය පුතු සෙනේ පෙරුම් පුරන් එන්නේ තාත්තේ මේ ඇහුනද මං ආදරෙයි හුන්නස්ගිර වාගේ නොසැලී...... (හිත පරඩැල් වුනු මේ දිවි කතරේ ඔබේ අනුහසිනි දෙපයින් සිටියේ...//) නිසි පාර පෙන්වා මා පසුපසම සිටියා මා ලොව දිනද්දී ඔබ සතුටු වූවා තාත්තේ මේ ඇහුනද මං ආදරෙයි හුන්නස්ගිර වාගේ නොසැලී...... (දුක සැප කැලතෙන ඉරණම් ගමනේ ඔබේ සෙනෙහසින් දිවි සරු වූයේ...//) නිසි පාර පෙන්වා මා පසුපසම සිටියා මා ලොව දිනද්දී ඔබ සතුටු වූවා තාත්තේ මේ ඇහුනද මං ආදරෙයි හුන්නස්ගිර වාගේ නොසැලී...... ඔය පපු තෙරේ සෙනෙහස ඔබේ......
