Thotupola

Susumata Susumak

Uresha Ravihari, Sanka Dineth

චිත්‍රපටය : සුපර් සික්ස් (2012) කොඳ මල් ඇතිරූ සඳ යහනාවේ සතපා සනසන්නම් ඔබෙ සිත මද සිහිලෙන් නිවුනාවේ සිහිනය අඩ නින්දේ තිබුනාවේ මතකේ නැලවෙන්නම් අපෙ හඬ විතරක් මට ඇහුනාවේ (නිහඬතාවේ වයන්නේ සංගීතේ...////) (සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය...////) තුරු වියනට පිනිකැට වැටෙනා විට ඒ හඬ කවියකි නිසංසලේ දිය කඳුරක පොඩි පෙන නැගෙනා විට සන්ධ්වනියකි පෙම් ප්‍රගීතයේ (නිහඬතාවේ වයන්නේ සංගීතේ...//) (සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය...////) අපටම වෙන්වුනු මේ නිදි නැති රෑ බවුන් වඩනවා හෙමින් සැරේ කිසිදා නොසිදෙන ආදර උල්පත ගලා හැලෙන හැටි හදින් හදේ (නිහඬතාවේ වයන්නේ සංගීතේ...//) (සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය...///////)

Susumata Susumak lyrics · Uresha Ravihari, Sanka Dineth