Thotupola

Amma (Bindu Bindu Wahi Watuna)

Gayaman Dissanayake

බිංදු බිංදු වැහි වැටුණා නිසරු බිමේ සුදු මල් පිපුණා ඒ සුවඳ ගලා - ලොව සුවඳ වෙලා පිණි වැස්ස ඔබයි අම්මේ අඳුර ඉරා රන් රැස් දහරා හිමිදිරියේ හිරු කිරණ එලා ඒ එලිය ගලා - ලොව එළිය වෙලා හිරු මඩල ඔබයි අම්මේ සිසිල සලා රළු දෙරණ පුරා සඳ වතුරින් තුරු ලිය නහවා ඒ සිසිල ගලා - ලොව සිසිල සදා සඳ මඩල ඔබයි අම්මේ බිංදු බිංදු වැහි වැටුණා නිසරු බිමේ සුදු මල් පිපුණා ඒ සුවඳ ගලා - ලොව සුවඳ වෙලා පිණි වැස්ස ඔබයි අම්මේ

Amma (Bindu Bindu Wahi Watuna) lyrics · Gayaman Dissanayake