Thotupola

Diyaberaliya Dalu

Harshana Disanayake

දිය බෙරලිය දලු නෙලන්න ගිය දා වැටුණු අනෝරා මහ වරුසාවේ කිරිල්ලියක සේ මා උණුසුම් කර පෑව සෙනෙහෙ මට මතකයි කිරි අම්මේ හේලංකඩ යට හීතල හෙවණේ අමල්බිසෝ ගැන කතා කියා දී ඇඟිලි තුඩින් මගෙ හිස සනසාපං නිවන් පුරේ ගිය පෙම්බර කිරි අම්මේ වැලිපිල්ලෑවේ නුඹේ නමින් තව ඉද්ද පිපෙනවා සංකාවේ ගරා වැටී ගිය බුලත් පන්දලම් කඳුලු සලනවා සංකාවේ දිය බෙරලිය දලු නෙලන්න ගිය දා වැටුණු අනෝරා මහ වරුසාවේ කිරිල්ලියක සේ මා උණුසුම් කර පෑව සෙනෙහෙ මට මතකයි කිරි අම්මේ වියන් ඇඳේ මා තනිව නිදද්දී නුඹේ සුවඳමයි දැවටෙන්නේ අනෝතප්ත විල් තෙරේ ඉඳන් මට හිනාවෙයන් නුඹ කිරි අම්මේ දිය බෙරලිය දලු නෙලන්න ගිය දා වැටුණු අනෝරා මහ වරුසාවේ කිරිල්ලියක සේ මා උණුසුම් කර පෑව සෙනෙහෙ මට මතකයි කිරි අම්මේ හේලංකඩ යට හීතල හෙවණේ අමල්බිසෝ ගැන කතා කියා දී ඇඟිලි තුඩින් මගෙ හිස සනසාපං නිවන් පුරේ ගිය පෙම්බර කිරි අම්මේ

Diyaberaliya Dalu lyrics · Harshana Disanayake