Diwasaravi
සියොළඟින් හැඩගෙන ජීවිතයේ හද සොරාගෙන රොන් සුරල් දී වෙලා දෑසින් පැතුමන් දරාගෙන මා වෙලාගෙන විසිරුවයි මන මිහිලියේ නුඹෙ සිතේ ආදරයෙන්.... මා ලොවේ රූ සොබාවී පෑ රුවින් මත් කරාවී සිත් මලින් නිති සිනාසී දිනිඳුනාරී දිවසරාවී... චඳු කුමරි නුඹ ගගන දිදුලන සුරලියන්ගේ රුසිරු පරදන ඉඳු සරින් මන බිඳෙන මොහොතක මත් කරයි හද දිවසරින් ඔබ මා ලොවේ රූ සොබාවී පෑ රුවින් මත් කරාවී සිත් මලින් නිති සිනාසී දිනිඳුනාරී දිවසරාවී... දේහනාරී අසිරි පෑ කල නිතිවෙලයි නෙතු බඹරිදුන් දැක අසුරු සේනා රොද වඩන විට නොම දියන් සඳේ ලදලු දෙතොල් නුඹේ.... මා ලොවේ රූ සොබාවී පෑ රුවින් මත් කරාවී සිත් මලින් නිති සිනාසී දිනිඳුනාරී දිවසරාවී...
