Thotupola

Pitakotuwe Maha Rata Api Ek Una

Chamara Ranawaka

පිටකොටුවේ මහ රෑට අපි එක් වුණා මුළු නගරේ නිදි අතරේ අපි පාවුණා අඩ අඳුරේ මරදානේ අපි වෙලුණා කොල කෑලි බට හදලා අපි සැනසුණා සන්තෝසේ සන්තාපේ එකමුතු වී පෙනුනා සංසාරේ මන්දිරේ දුර දිග බව දැනුණා අපි ළඟම අපි දැවටුණා....// මත් මවපු මහ රෑට ගුමු ගුමු කියයි මල් පෙත්ත ළඟ පින්න සරදම් කරයි සැනසුම් ගොඩයි දිරිය එක්තැම් කරයි මගේ ලෝකේ ගොළු හීන මං මත් කරයි..... පිටකොටුවේ අපි..... සරුසාර හෙට දවස මට අත වනයි දෑතින් බදා මාව තුරුලේ හොවා හිත ගාව එඩිතරව නව හිරු බලයි කොළ කෑලි බට කෑලි මට අත වනයි.... පිටකොටුවේ අපි.... පිටකොටුවේ මහ රෑට අපි එක් වුණා මුළු නගරේ නිදි අතරේ අපි පාවුණා අඩ අඳුරේ මරදානේ අපි වෙලුණා කොල කෑලි බට හදලා අපි සැනසුණා සන්තෝසේ සන්තාපේ එකමුතු වී පෙනුනා සංසාරේ මන්දිරේ දුර දිග බව දැනුණා (අපි ළඟම අපි රැවටුණා....///)

Pitakotuwe Maha Rata Api Ek Una lyrics · Chamara Ranawaka