Thotupola

Modaya Numba Hari Modaya

Danapala Udawaththa

මෝඩයා නුඹ හරි මෝඩයා ගෝලයා ගියාට ගුරාගේ පාරේ තිත්තයා නුඹ එදා නුවණක්කාරයා දැන් ළඟා වුණා කොකාගේ වාරේ ගෝලයා නුඹ හරි ගෝලයා ගියොත් හොඳයි ගුරාගේ පාරේ මාරයා කරුමක්කාරයා නුඹට කවදා හරි දවසක තේරේ පණ්ඩිතයට ඒදණ්ඩෙත් යන්ඩ බෑ ළමයෝ පිං පඩියට පන්සලේ නවතින්ඩ බෑ ළිං පඩි උඩ නොතෙමි වාඩිවෙන්ඩ බෑ මේ ගුරෙකු නොමැති කියු ගෝලයෝ ඉන්ඩ බෑ ලූලා නැති කල කනයලු බලවතා පොහොසතා වගේද දිළිඳු පැලක දුප්පතා පිං තකා වගේලු කරඬුව ගෙන යන ඇතා මිනිස්සුන්ට වඩා ගුණවත් තිරිසන් සතා මෝඩයා නුඹ හරි මෝඩයා.... ප්‍රාණයක් නැතිව කෙනෙකුට උපදින්ඩ බෑ හානියක් නැතිව කෙනෙකුට මිය යන්ඩ බෑ මරණයක් වෙතොත් නැවතත් පණ දෙන්ඩ බෑ දෛවයක් නැතුව නම් ජීවත් වෙන්ඩ බෑ නිල මැස්සට මලකින් රොන් ගන්ඩ බෑ ඔය කළු කපුටට කෝකිලයකු වෙන්ඩ බෑ ගහට ගහක් මොරටුවේ හමුවෙන්ඩ බෑ මෙන්න මේ කියමන කිසිදින බොරු වෙන්ඩ බෑ මෝඩයා නුඹ හරි මෝඩයා.... මේ ගෝලයා නුඹ හරි ගෝලයා....

Modaya Numba Hari Modaya lyrics · Danapala Udawaththa