Thotupola

Battle for Rights (එත් අපි එක පන්තියේ)

Sadara Bandara

අනේ හිමියනි ඉදින් නවතිනු සෙබළු බොහොමයි ගැන්සියේ නුඹව ලොකු නැත ගොඩක් කල් යුධ කෙරුව එකෙකුට වන්නියේ එකම පාරක දෙපිල බෙදිලා සටන් කෙරුවත් හන්දියේ බංකරේ මා අන්තරේ නුඹ එත් අපි එක පන්තියේ ගැටළු ඇති බව මටද වැටහේ හොඳයි නිසි උද්ගෝෂනේ එත් විසඳුම මෙහෙම පතුරන එකද පාරේ භීෂනේ කසාවතකට උරුම දේ නම් රකිනු මිස බුදු සාසනේ ගලක් ගැහුවම වැහෙයි සයිටම් එයද සම්බුදු දේශනේ දෑත් එක්කොට කියමි අන්තිම වරට පෙන්නා ආදරේ යන්න පසුබැස තවම ඉස්සී නොමැත කඩු පොලු තෝමරේ පිරෙයි පවු මට තවත් අඩියක් පැන්නොතින් නුඹ බෝඩරේ අරන් ආවේ මමත් නුඹ මෙන් මට උඩින් දුන් ඕඩරේ අනේ හිමියනි ඉදින් නවතිනු.... (එත් අපි එක පන්තියේ)..//

Battle for Rights (එත් අපි එක පන්තියේ) lyrics · Sadara Bandara