Thotupola

Ra Sihinen

Nisala Kavinda

රෑ සිහිනෙන් ඔය රුව පෙනෙයි ලං වෙන්නට තව හිත කියයි පෑයූ සඳ සේ ඔබ දිලෙයි ඒ එලියෙන් මගෙ හිත නිවෙයි පවසන්නම් කාරණාවක් ඔය ඇස් නම් භාවනාවක් පාර කියනා තාරුකාවක් හිත ඇත්නම් තව වතාවක් පවසයි ආදර කතාවක් මං සොයන්නේ සුරඟනාවක් මිතුදමේ පෙම්දම් සොයා සැනසෙන හිතේ අහිමිවේදැයි විමසුවා හිත හදිසියේ ඔබ හමු වෙනා මොහෙතේ පවා නොසිතා සිතත් දුර ඇදේ පවසන්නම් කාරණාවක් ඔය ඇස් නම් භාවනාවක් පාර කියනා තාරුකාවක් අවසරයිනම් පෙම් කතා පවසමි හදේ සත්තමයි රකිමී සදා නිල් දිගැසියේ නොකියා කියා හැඟුමන් පුරා මතුවට ඔබත් මා ලග රැඳේ පවසන්නම් කාරණාවක්..

Ra Sihinen lyrics · Nisala Kavinda