Thotupola

Kahawan Goyamata Ran Diya

Nalini Ranasinghe

කහවන් ගොයමට රන් දිය වැහැලා නියරින් ඉතිරෙනවා ගස්වල හෙවණැලි වැඩියෙන් කළු වී මිහිමත වැතිරෙනවා (විහඟ වලා ගුවන වෙලා…//) (දුර අහසේ නොපෙනී යනවා…//) (කවියක් ගීයට හැරුණ කලක් දෝ…//) ඉපනැලි නළියනවා…. ඉපනැලි නළියනවා…. මින්නේරිය වැව දැන් නිල් කැටයකි තැන තැන රඟ දෙනවා එක දෙක දිය ‍රැළි සුළඟට කැඩි කැඩි සුදු ඉරි මතුවෙනවා (මුතු අමුණා ගී මුමුණා…//) (දුර වෙරළට ‍රැළි ඇද්දෙනවා…//) (මින්නේරිය වැව පට සළු ඇඳගෙන…//) (ඔන්චිලි පැද්දෙනවා…//) මහසෙන් රජ වැඳ නින්දට යන්නට පෙරයම සැරසෙනවා අවුරුදු දහසක් කෙත්බිම් සරු කොට හිනැහී සැනහෙනවා (යල වපුරා මහ වපුරා…//) (ගොයමට දිය ‍රැළි නංවනවා…//) (මින්නේරිය වැව හෙට හී කවියෙන්…//) (උදයට ළංවෙනවා…//) කහවන් ගොයමට රන් දිය……

Kahawan Goyamata Ran Diya lyrics · Nalini Ranasinghe