Santhana Susum
සන්තාන සුසුම් දවටා හන්තාන සුළඟ හැමුවා මං ගාව රැලිති නගවා (ගංගාව ඔහේ ගැලුවා)...// මල් වීදි අතර සඟවා ගිය හාදු ඇතිද බැලුවා වැල් පාලම ගත සොලවා අපි බයද කියා බැලුවා සන්තාන සුසුම්... වැදි රජුට කඩුව පවරා වල ලඟදි මනමේ හැඬුවා ඒ මතක සියලු සඟවා මහවැලිය ඔහේ ගැලුවා සන්තාන සුසුම්... ගංගාව ඔහේ ගැලුවා....
