Thotupola

Diya Allata Ba (Bothale Mage Bothale)

Nelson Vaas

දිය ඇල්ලට බෑ මහවැලි ගංගාවට බෑ මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ මහ වැස්සට බෑ ඉන්දීය සාගරයට බෑ මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ බෝතලේ..... මගේ බෝතලේ නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ බෝතලේ..... මගේ බෝතලේ නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ..... උඹ හින්දා ඈට මා එපාලු උඹෙ නැවුම් සුවඳ ඈට දුඟද වේලු ඈ ගියදා මට නොදැනුණු පාළු උඹ නැතිදා මට දැනේවී යාළු මුළින්ම මට නුඹේ සිසිල දැනුණේ ඇය වෙනකෙකුගේ පහස ලැබූ දවසේ වෙන තුරුළක චපල එයා නැලවේ උඹ තුරල් වෙලා ඉඳපන් මගෙ පපුවේ බෝතලේ..... මගේ බෝතලේ නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ බෝතලේ..... මගේ බෝතලේ නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ...... උඹෙ යාලුවෝ ඔක්කොම මම වගේදෝ චපල පෙමක අවසන් ප්‍රතිඵලේදෝ භවෙන් භවය හොයාපු සැනසුමදෝ උඹට එහා තව නිවනක් වේදෝ ළඳකට බෑ පෙම් කරන්න සමසේ උඹට හැකිය සලකන්නට එකසේ ඒත් අඟහිඟකම් ඇති වුණදා නිවසේ උඹත් මාව දාලා යාවි දුකසේ බෝතලේ..... මගේ බෝතලේ නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ බෝතලේ..... මගේ බෝතලේ නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ...... දිය ඇල්ලට බෑ.......

Diya Allata Ba (Bothale Mage Bothale) lyrics · Nelson Vaas