Thotupola

Numbe Sina

Hemantha Kumara

(නුඹේ සිනා නුඹේ සිනා දැනුනේම නෑ මගේ කියා හද නුඹෙන් දුරයි මගේ සුසුමන් සැමදා....//) (මාගේ ලෝකයේ තනිකළේ නුඹයි....//) මොහොතින් මගේ සුසුමන් රැගෙන දුර ගියා.... (නුඹේ සිනා නුඹේ සිනා දැනුනේම නෑ මගේ කියා හද නුඹෙන් දුරයි මගේ සුසුමන් සැමදා....//) (අහම්බයකින් හමුවුණා අපි මතක නැතිදෝ ප්‍රේමියේ වරද මාගේමයි කියාලා හැරගියා නුඹ ඒ දිනේ...//) හැමදෙසින් නුඹේ සුවඳ දැනෙනවා ඇයිදෝ මගෙන් වෙන් වී ගියේ මගේ කුමරියේ..... (නුඹේ සිනා නුඹේ සිනා දැනුනේම නෑ මගේ කියා හද නුඹෙන් දුරයි මගේ සුසුමන් සැමදා....//) (නෑ කොහෙත් නුඹ ප්‍රේම කරලා මතක් වෙනවා හැම දිනේ මැව්ව ලෝකේ බොරුව පමණයි නැති කළා මා ජීවිතේ...//) නුඹේ නමින් මෙමා පණ වුණත් දෙමි තේරෙයි ගොඩක් කල් යයි ආදරේ මගේ (නුඹේ සිනා නුඹේ සිනා දැනුනේම නෑ මගේ කියා හද නුඹෙන් දුරයි මගේ සුසුමන් සැමදා....//)

Numbe Sina lyrics · Hemantha Kumara