Thotupola

Ea Rate Minissu

Deepal Silva

ඔළුව තදින් නරක් වෙච්ච මිනිසුන් පිරිසක් රැඳිච්ච අරුම පුදුම රටක් තියෙනවා ඕයි මහ මුහුදින් වට කෙරිච්ච අඹ ගෙඩියක හැඩය වෙච්ච ඒකට මරු නමක් කියනවා ඕයි..... ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු..... එකෙක් නඟිනකොට ඉහළට ඇහේ කටු ඇනෙයි අනිකට අදියි බිමට හෙළයි පහළට ඕයි නිස්සෝ සුදුස්සෝ යට කොට පුස්සෝ වැඩ දෙනවා යමරෙට සෙතක් වෙයිද එහෙම රටකට ඕයි..... බඩට නැති වුණත් ලුණු කැඳ ඇඟට ඕනැමයි විල්ලුද ඒකයි ඉහළම සන්තෝසේ ඕයි නැති බැරි අඟ හිඟ කම් මැද බිය සැක ලෙඩ දුක් විඳ විඳ පෙන්නයි ලෝකෙට පරකාසේ ඕයි..... ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු..... රට වටකර සාගරයයි එහි සම්පත් ආකරයයි පිටින් මාලු රටට ගෙනව ඕයි රට මැද තනි වෙල්යායයි බැලුවම හරි සිරියාවයි නැවෙන් ගෙනත් හාල් බානව ඕයි.... දකින දකින මිනිහ අතේ බැඳල ඔරලෝසු ඇතේ Time එකට කිසිම වැඩක් නෑ ඕයි උන් හත කියන්නෙ අටට පුතේ අට කිව්වොත් නමය වෙතේ කැත පුරුද්ද අතාරින්නෙ නෑ ඕයි.... ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ඒ රටේ මිනිස්සු තනිකර නටන්නෙ පිස්සු..... ඒ රටේ මිනිස්සු තනිකර නටන්නෙ පිස්සු ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු......

Ea Rate Minissu lyrics · Deepal Silva