Hiru Deviyange
හිරු දෙවියන්ගේ වරම් ලබා සුබ නැකතින් පහනක් දල්වා නැවුම් කලෙන් කිරි දිය උතුරා හිරු මංගල්ලේ ගම් මැද්දම මල්වර වේ හිරු මංගල්ලේ..... (ගොම මැටි ගා ගේ බිම ඔපලා අටු කොටු නව සහලින් පුරවා කුරණි පුරා ඉසුරින් සපිරේ හිරු මංගල්ලේ...//) ගම් මැද්දම මල්වර වේ හිරු මංගල්ලේ..... (විහිඟ හඬින් කුහු කුහු ගානා ගස් වැල් පල බර වී ලෙලෙනා සැමදෙන මුව හසරැල් නැගෙනා හිරු මංගල්ලේ...//) ගම් මැද්දම මල්වර වේ හිරු මංගල්ලේ..... හිරු දෙවියන්ගේ වරම් ලබා.... (ගම් මැද්දම මල්වර වේ හිරු මංගල්ලේ...///)
